මිනිස්සු හිනස්සපු බන්දු සමරසිංහයි බිංදුයි අලුත් අවුරුද්දේ ‍ප්‍රේක්ෂකයන් අඬවයි - වීඩියෝව දැකලා බුකියෙම සතුටු කඳුළු නෑවෙයි[VIDEO]

Report

ලංකාවේ කලාව ඇතුළේ ප්‍රේක්ෂකයන්ව හිනස්සන්න උත්සාහ කරපු චරිත රැසක් ඉන්නවානේ. ඒ අතරේ බන්දු සමරසිංහට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්.

බන්දු ගැන මතකෙට එද්දි ගොඩක් අයට බිංදු කියන නමත් මතක් වෙනවා. මොකද පෙනුමෙන් වගේම හැසිරීමෙනුත් විශාල සමානත්වයක් දරපු මෙ දෙන්නා අතරේ පසුගිය කාලේ පුරාවටම යම් යම් මතභේද සහ සිත් රිදවීම් තිබුණු බව අපිට අහන්න ලැබුණා.

හැබැයි ඔන්න අලුත් අවුරුද්දේ සියලු තරහ මරහ අමතක කරලා සතුට බෙදනවා වගේ මේ අවුරුදු සමයේ හැමෝම පුදුම කරවන, හිතට ලොකු සතුටක් ගෙන දෙන පින්තූරයක් සහ මෙ වෙන කොට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

තාමත් එදා වගේම සුන්දර ගයත්‍රී උපන්දිනය දවසේ සමාජ මාධ්‍ය කළඹයි

තාමත් එදා වගේම සුන්දර ගයත්‍රී උපන්දිනය දවසේ සමාජ මාධ්‍ය කළඹයි

ඒ කාලයක් තිබුණු ප්‍රශ්න, හිතේ තිබුණු පරණ කතා ඔක්කොම අමතක කරලා දාලා මේ අලුත් අවුරුද්දේ බන්දු සමරසිංහයන්ව බලන්න බිංදු යෑමත් සමඟයි.

දහසක් බලාපොරොත්තු මැද දෙන්නා අත් අල්ලාගෙන හිනාවෙලා ඉන්න ඒ පින්තූරය දැක්ක රසිකයෝ කියන්නේ, "මේක තමයි වෙන්න ඕන හොඳම දේ" කියලා.

ඒ විතරක් නෙවෙයි මේ හමුවීමේදී තවත් හරිම අපූරු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. බන්දු පවසන විදිහට ඕනෑම වෙලාවක බිංදුට තමන්ව බලන්න එන්න පුළුවන්.

බොලිවුඩයේ එකම සුපිරි තරුවට හිමි ගෞරවය ඉන්දීය සුපිරි නළු රන්බීර් කපූර්ට

බොලිවුඩයේ එකම සුපිරි තරුවට හිමි ගෞරවය ඉන්දීය සුපිරි නළු රන්බීර් කපූර්ට

ඒ විතරක් නෙමෙයි, බිංදුගේ දරුවෝ දෙන්නා ලොකු වෙලා ඉස්කෝලේ යන කාලෙදී බන්දු ජීවතුන් අතර හිටියොත්, ඒ දරුවන්ව හොඳම ඉස්කෝලෙකට දාලා දෙන්නත් බන්දු මේ වෙලාවේ පොරොන්දුවක් වෙලා තියෙනවා කියලා තමයි ආරංචිය. මොනවා වුණත් ඒ වචන ටික නම් හරිම සංවේදීයි කියලා තමයි කට්ටිය කියන්නේ.

ඒ වගේම කලාව ඇතුළේ එකිනෙකාට තරඟ කරනවා වෙනුවට මේ විදියට සහෝදරත්වයෙන් එකට ඉන්න එක ගැන රසිකයන් ඉන්නේ හරිම සතුටින්.

ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා එකතු වෙලා ඉදිරියේදී අලුත් කලා නිර්මාණයක් කරන්නත් සූදානමක් තියෙන බව තමයි ආරංචිය.

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි