දරුණු ගින්නක් - කඩ 90කට ආසන්න විනාශ වෙලා
By Kanchana
රත්නපුර පොල සංකීර්ණයේ අද අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර 90කට ආසන්න ප්‍රමණයක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය සදහන් කරයි.
මහල් තුනකින් සමන්විත පොල සංකීර්ණයේ දෙවන මහලේ මෙම ගිනින හට ගෙන ඇත.
එළවළු, පලතුරු මෙන්ම සහල්, පරිප්පු, සීනි, අල, ලූණු ඇතුළු ආහාර ද්‍රව්‍ය සිල්ලරට හා තොග වශයෙන් අලෙවි කරන කඩ බොහෝමයක් මෙම ගින්න නිසා විනාශවී තිබෙන බව වාර්තා වේ.
ගින්න නිවීම සඳහා රත්නපුර මහ නගර සභාව සහ බලංගොඩ නගර සභාව ඒකාබද්ධව කටයුතු කරනු ලැබ ඇත.
ප්‍රවේසම් වෙන්න- 'ශ්‍රි ලන්කන් එයාර්ලයින්' නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි