අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වෙනස් වේ - නව මිල මෙන්න

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා සතිය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තුගත සිල්ලර මිල පරාසයන් මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කර ඇත.

වෙළෙඳපොළ මිල ගණන් නිරීක්ෂණය කරමින් පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා සතිපතා සිදුකරන මෙම මිල ප්‍රකාශනය මගින් සහල්, සීනි, පරිප්පු, ලූණු සහ අල ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගණන් පාලනය කිරීමට සහ පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමට අපේක්ෂා කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය (2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා)

තිරිගු පිටි - 158.00 - 176.00

සුදු සීනි - 200.00 - 217.00

පරිප්පු - 248.00 - 271.00

අර්ථාපල් (ඉන්දියා) - 160.00 - 228.00

අර්ථාපල් (පාකිස්තාන්) - 140.00 -177.00

බී ලූනු (ඉන්දියා) - 145.00 – 189.00

බී ලූනු (පාකිස්තාන) - 112.00 - 140.00

රතු ලූනු (ආනයනික) - 280.00 - 332.00

වියළි හාල්මැස්සන් (තායිලන්ත) - 1054.00 - 1159.00

වියළි මිරිස් - 1046.00 - 1067.00

බිත්තර (සුදු) ඒකකයක් - 32.00 - 42.00

බිත්තර (දුඹුරු) ඒකකයක් - 34.00 - 44.00

ටින්මාළු (දේශීය) මැකරල් 425g - 420.00 - 480.00

ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g - 450.00 - 560.00

දේශීය කැකුළු සහල් (සුදු) - 190.00 - 220.00

දේශීය කැකුළු සහල් (රතු) - 165.00 - 220.00

දේශීය නාඩු සහල් (සුදු) - 210.00 - 230.00

බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත - 1000.00 - 1207.00

සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g - 990.00 - 1150.00

රත්තරන් ගැන සුබ ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල මෙන්න

රත්තරන් ගැන සුබ ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල මෙන්න