වතුර ටැංකියට වැටී මිය ගිය කොල්ලො දෙන්නාගේ මරණය කාර්මික අනතුරක්ද නැද්ද යන්න පිළිබඳ විමර්ශන
දකුණු කොරියාවේ දකුණු ග්යොන්ග්සැං පළාතේ ගෝසෝං හි පිහිටි ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපළක ජල ටැංකියක් තුළ, ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු සේවකයින් තිදෙනෙකු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
එරට පොලීසිය උපුටා දක්වමින් එහි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඊයේ රාත්‍රී 8:30 ට පමණ ගෝසෝං හි පිහිටි එම මත්ස්‍ය ගොවිපළේ විශාල ජලාශ ටැංකියක් තුළදී සිරුරු සොයාගත් බවයි.
මියගිය අය අතර 50 ගණන්වල පසුවන ස්ථාන අධීක්ෂකවරයෙකු සහ 20 සහ 30 ගණන්වල පසුවන ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු ඇතුළත් බව එහි දැක්වෙනවා.
ජල ටැංකිය මීටර හතරක් (අඩි 13ක්) පළලින්, මීටර තුනක් දිගින් සහ මීටර දෙකක් ගැඹුරින් යුක්ත බව සඳහන්. සේවකයින් සොයාගන්නා විට ටැංකිය ජලයෙන් පිරී තිබූ බව වාර්තාවේ.
මියගිය ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු රාජකාරියේ යෙදෙන ඇඳුම් ලෙස පෙනෙන ඇඳුමක් ඇඳ සිටි අතර, අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිට තිබේ.
මරණයට හේතුව නිශ්චිතව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි එමෙන්ම පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සේවකයින් එම අවස්ථාවේදී ටැංකිය පිරිසිදු කරමින් සිටියාද යන්න පැහැදිලි නැති බවයි.
පොලීසිය දැනට මෙය කාර්මික අනතුරක් ඇතුළු විවිධ හැකියාවන් සලකා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. නමුත් මෙය තහවුරු කරගන්නා තුරු ඔවුන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.