9දෙනෙක් මරු කටට යැවූ දිල්ලි පිපිරුමේ මහ මොළකාරයන් වෘත්තියෙන් වෛද්‍යවරු - භයානක රහස් ගොඩක් එළියට

By Kaushi Nov 11, 2025 08:39 AM GMT
Report

ඉන්දියාවේ අගනුවර මධ්‍යයේ පිහිටි ඓතිහාසික රතු බලකොටුව අසල දී ඊයේ සිදුවූ මෝටර් රථ පිපිරීම 'සුදු කරපටි ත්‍රස්ත පරිසර පද්ධතියක්' තුළ සැලසුම් කෙරුණු නව යුගයේ ත්‍රස්තවාදී මුහුණුවරක් ගන්නා ක්‍රියාවක් බව ඉන්දීය විමර්ශකයන් වෙත හෙළි වී ඇත.

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයන් 09 දෙනකුට මරු කැඳවමින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ මෙම කම්පන සහගත සිදුවීමේ දී පුපුරා ගිය සුදු හයුන්ඩායි අයි 20 මෝටර් රථයේ සිටියේ මරාගෙන මැරෙන බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් යැයි සැක කෙරෙන බවයි සඳහන් කරයි.

එබැවින් ඔහුගේ මව සහ සහෝදරයන් ජම්මු කාශ්මීරයේ ප්‍රශ්න කිරීමට රඳවා තබා ගෙන ඇත. පිපිරීම පිටුපස සිටින්නේ යැයි සැකකරන වෛද්‍යවරුන් තිදෙනෙකු වන අඩීල් අහමඩ් රාතර්, මුසම්මිල් ෂකීල් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කෙරෙන බවයි වාර්තා වේ.

දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

එමෙන්ම සැකකරුවන් වශයෙන් හඳුනාගෙන ඇති උමර්, අඩීල් සහ මුසම්මිල් යන තිදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුන් වන බව ද සඳහන්.

මේ අතර වෛද්‍ය අඩීල් අහමඩ් රාතර් කලින් අනන්ට්නාග් හි රජයේ වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ අතර ඉන්පසු සහරන්පූර් හි පෞද්ගලික රෝහලක සේවය කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම වෛද්‍ය මුසම්මිල් ෂකීල් ඉකුත් වසර තුන පුරා ෆරීඩාබාද්හි අල්ෆලා වෛද්‍ය විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නේවාසිකයෙකු වශයෙන්ද සේවය කර තිබෙනවා.

වෛද්‍ය ෂහීන් ෂාහිඩ් නම් කාන්තාවක් ද මෙම මොඩියුලයට සම්බන්ධ බවට සැක කරන අතර, ඇයගේ මෝටර් රථයෙන් රයිෆලයක් සහ පතරොම් සොයාගෙන ඇති බවත් සඳහන්.

මේ අතර ආරක්ෂක ඒජන්සි ප්‍රකාශ කරන ආකාරයට වෛද්‍යවරුන් වැනි ඉහළ අධ්‍යාපනයක් ලැබූ වෘත්තිකයන් සම්බන්ධ වීම ත්‍රස්තවාදී සංවිධාන බඳවා ගන්නා ආකාරයෙහි මූලික වෙනසක් සංඥා කරන්නක් වේ.

ජම්මු සහ කාශ්මීර් පොලිසිය සඳහන් කළේ මෙම ‘සුදු කරපටි’ ත්‍රස්ත කණ්ඩායම දේශනය, සම්බන්ධීකරණය, අරමුදල් ගෙනයාම සහ සැපයුම් සඳහා සංකේතාත්මක නාලිකා (encrypted channels) භාවිත කර ඇති බවයි.

දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට

දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට

එමෙන්ම අරමුදල් රැස් කර ඇත්තේ වෘත්තීය සහ ශාස්ත්‍රීය ජාල හරහා, සමාජ/ පුණ්‍යායතන අරමුණු මුවාවෙන් බව ද අනාවරණය වී තිබෙනවා.

තවද මෙම පිපිරීම සිදුවීමට දින කිහිපයකට පෙර, ජම්මු සහ කාශ්මීර පොලිසිය සහ හර්යානා පොලිස් කණ්ඩායම් මඟින් නව ‘සුදු කරපටි’ ත්‍රස්ත ජාලයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වුණා.

එහිදී වෛද්‍ය අඩීල් අහමඩ් රාතර් සහ ආචාර්ය මුසම්මිල් ෂකීල් අත්අඩංගුවට ගැනීම නිසා බෝම්බ සෑදීමට යොදා ගන්නා විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව ෆරීඩාබාද්හි කාමර දෙකකින් සොයාගත් බෝම්බ සෑදීමට යොදාගන්නා කිලෝග්‍රෑම් 2,900 ක් පමණ වූ මෙම ද්‍රව්‍ය ඇමෝනියම් නයිට්‍රේට් බවට සැක කෙරුණු අතර විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත්තේ දිල්ලි පිපිරුම සිදුකිරීමට යොදාගෙන ඇත්තේ ද මෙම රසායනිකයම බවටයි.

එබැවින් විමර්ශකයන් සැක කරන්නේ, තම සගයන් අත්අඩංගුවට ගැනීම සහ විශාල ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පිපිරීම සිදු කළ බවට සැකකරන රියදුරු වන වෛද්‍ය උමර් මොහොමඩ් විසින් භීතියට පත් වී කළ නොහැකි තත්ත්වයක් තුළ සියදිවි නසාගැනීමේ ප්‍රහාරයක් සිදු කිරීමට තීරණය කරන්නට ඇති බවයි.

කෙසේ වෙතත් පිපිරීමට ලක් වූයේ සුදු හයුන්ඩායි i20 රථයක් වූ අතර මෙම මෝටර් රථය රතු බලකොටුව අසල ඇති රථවාහන සංඥා අසල දී ඊයේ එරට වේලාවෙන් ප.ව. 6.52 ට පමණ පුපුරා ගොස් තිබුණා.

පිපිරීම සිදුවූ ස්ථානය නේතාජි සුභාෂ් මාර්ගයේ පිහිටා තිබූ අතර, එහි එක් පසෙකින් රතු බලකොටුව ද අනෙක් පසින් චාන්දනි චෞක් ද පිහිටා ඇත.

දිවයිනටම පොලීසියෙන් විශේෂ දැනුවත්කිරීමක්

දිවයිනටම පොලීසියෙන් විශේෂ දැනුවත්කිරීමක්

පළමුව සල්මාන් නමින් ලියාපදිංචි කර තිබූ අඳාළ මෝටර් රථය ඉන් පසුව දේවේන්දර්, අමීර් සහ තාරික් හරහා මාරු වී අවසානයේ ආචාර්ය උමර් මොහොමඩ් වෙත ලැබී ඇත.

මේ අතර ආරක්ෂක වීඩියෝ දර්ශනවලට අනුව, මෝටර් රථය පිපිරීමට පෙර පැය තුනක් වැඩි කාලයක් රතු බලකොටුව අසල නවතා තිබුණා.

ඒ අනුව වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ එය ප.ව. 3:19 ට ඇතුළු වී ප.ව. 6:30 ට පමණ පිටව ගොස් ඇති අතර රියදුරු තත්පරයකට හෝ මෝටර් රථයෙන් පිටතට නොගිය බවයි.

කෙසේ වෙතත් විමර්ශකයන් මෙම ප්‍රහාරය සඳහා ඇමෝනියම් නයිට්රේට් ඉන්ධන තෙල් භාවිතා කර ඇති බවත්, එය මෝටර් රථය තුළ ඩෙටනේටරයක් තබා සිදු කර ඇති බවත් සඳහන් කර‍යි.

මේ සම්බන්ධයෙන් පොලිසිය මඟින් ත්‍රස්තවාදී නඩු වෙනුවෙන් භාවිතා කරන නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේ නඩුවක් ලියාපදිංචි කර ඇත.

එසේම ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) මඟින් මෙම විමර්ශනය භාර ගැනීමට ඉඩ ඇති බව වාර්තා වේ.

තවද ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ මෙම විමර්ශනය, ශ්‍රීනගර්හිදී ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායමට සහය දක්වන පෝස්ටර් පළ කිරීම පිළිබඳ විමර්ශනයකින් ආරම්භ වී, අවසානයේ උත්තර ප්‍රදේශ් සහ හර්යානා දක්වා විහිදී ගොස් ඇති බවයි.

එකපාරට සැරයටියෙන් ඇවිදින ව්‍රායි කැලී බල්තසාර් - හේතුව මෙන්න

එකපාරට සැරයටියෙන් ඇවිදින ව්‍රායි කැලී බල්තසාර් - හේතුව මෙන්න