පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා
ඉතා අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ. ඒ අනුව අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු වියකගේ පියෙක් ඔවුන් ජීවත්ව සිටින නිවසට ගිනි තබා තිබේ.
මෙම ගින්නෙන් දියණියගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් සියල්ල විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම සිදුවීම හේතුවෙන් අදාළ පුද්ගලයා සමනල වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ සමනලවැව සීලගම ගිල්ම ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි තබා ඇති අතර අද ආරම්භ වු අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුවියගේ පොත්පත් සහ ඇදුම් පැලඳුම්ද ගින්නෙන් විනාශ වි ඇතැයි පරික්ෂණ සිදු කරන පොලිස් නිලධාරියෙක් පැවසිය.
සැකකාර පියා නිවසට පැමිණි අඩදඹර කරගත් නිසා නිවෙස ගිනි ගන්නා අවස්ථාවේදි උසස් පෙළ විභාගයට පෙනි සිටිමට නියමිත සිසුවිය සහ ඇයගේ මව නිවසේ නොසිටි බවත් ඔවුන් නැදෑ නිවෙසක රාත්‍රිය ගත කිරිමට ගොස් ඇතැයි පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ.
සිසුවිය ඇයගේ විභාග ප්‍රවේශ පත්‍රය සහ එක් ගවුමක් සහ පොත් කිපයක් පමණක් රැගෙන මෙදින රාත්‍රි මව සමග නිවෙසින් ගොස් තිඹුණි . ඇයගේ සෙසු පොත් පත් රැසක් ගින්නට හසුවි තිබේ.
වඩු බාස් කෙනෙකු වන නිවස හිමියා සමනලවැව පොලිසියට පැමිණ තම නිවෙසට කිසිවකු විසින් ගිනි තඹා ඇතැයි මුලින් පවසා තිබේ. පසුව පොලිසිය ප්‍රශ්න කරද්දි ගිණි තැඹිම සිදු කළේ තමන්ම බව පිලිගෙන ඇතැයි පොලිසිය පවසයි.