මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා
ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල දේශපාලන සාමාජිකයෙක් වන ටිල්වින් සිල්වා යනු දේශපාලනඥයෙක් ලෙස බොහෝ දෙනෙක් දන්න කියන චරිතයක්.
ඔහු තම පක්ෂයේ දියුණුව උදෙසා ඇප කැපවෙමින් වැඩ කරපු දේශපාලඥයෙක් ලෙස තමයි පාක්ෂිකයන් හඳුන්වන්නේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කිරීමේ පුරෝගාමියෙක් ලෙස කටයුතු කළ එතුමා සිය පෞද්ගලික ජීවිතය පිළිබඳව සංවේදී කරුණු කාරණා කිහිපයක් එක්තරා වැඩසටහනකදී හෙළි කර තිබේ.
එහිදී ඔහු සඳහන් කරපු කතාවෙන් කොටසක් පහතින් උපුටා දක්වා තිබේ.
“මම ඉපදුණේ බේරුවල මුල්ලපිටියේ.මුලදි මම ගියේ ගමේ පාසලට කන්දේ විහාරයට. හයේ පන්තිය දක්වා.සාමාන්‍ය පෙළ දක්වා බේරුවල මංගල පිරිවෙනට ගියා.උසස් පෙළ කරන්න ගිය අලුත්ගම විද්‍යාලයට.අපේ තාත්තා වඩු කාර්මිකයෙක්.
මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා තුන්දෙනයි නංගි කෙනෙකුයි ඉන්නවා.අම්මයි තාත්තයි දෙන්නම නැති උනා මල්ලිලා නංගිලා ඉන්නවා.මම විවාහ වෙලා ඉන්නේ දරුවො හැදුවේ නෑ.
ටිකක් අමාරු කාලේ විවාහ වුනේ අපි ඉතින් ඉන්නවා දේශපාලනය කරගෙන. මම චූටි කාලේ තාත්තට උදව් වුණා තාත්තා වඩු කාර්මිකයෙක් නිසා.ඊට පස්සේ මම පාසලෙන් අයින් වෙලා සංචාරක හෝටලයක රැකියාවක් කරා.මම ව්‍යාපාර කරලා නැහැ.”
යනුවෙන් තමයි ඔහු සිය ජීවන අත්දැකීම් පිළිබඳ අදහස් දක්වා තිබුණේ.