ඉඟිනිමිටිය සහ හුරුළුවැව ජලාශ වාන් දමයි

Report

පුත්තලම ඉඟිනිමිටිය ජලාශයේ අද උදෑසන වාන් දොරටු විවෘත කර ඇත.

ඉන් තත්ත්පරයට ඝන අඩි 1,000 ජල ප්‍රමාණයක් මුදාහැර ඇති බවයි.

එබැවින් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමණ දෙමව්පියන්ගෙන් කෙනෙක් අහිමි වෙලා

ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමණ දෙමව්පියන්ගෙන් කෙනෙක් අහිමි වෙලා

තවද හුරුළුවැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් හුරුළුවැව ජලාශය ඇතුළු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මහ වැව් කිහිපයක් තවමත් වාන් දමන බවයි.

ඒ අනුව එතුමා සදහන් කළේ හුරුළු වැව තත්පරයට ඝන අඩි 379. 97ක ප්‍රමාණයක් වාන්දමමින් පවතින බවයි.

ලිංගිකත්වය වෙනස් කරන්න රජයේ රෝහල්වල ශල්‍යකර්ම කතාවේ ඇත්ත නැත්ත

ලිංගිකත්වය වෙනස් කරන්න රජයේ රෝහල්වල ශල්‍යකර්ම කතාවේ ඇත්ත නැත්ත