41 හැවිරිදි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා කොටු වූ හැටි-ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍ර ජාවාරමක සුලමුල හෙළිවෙයි

Report

ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, මේ වන විට CID භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින “කරන්දෙණියේ රාජු” නම් සංවිධානාත්මක අපරාධකරුට විදේශගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් සකස් කර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

කරන්දෙණියේ “සුද්දා” නම් අපරාධකරුගේ සහෝදරයා වන “කරන්දෙණියේ රාජු” පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට රැගෙන එනු ලැබීය.

ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර, ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් භාවිත කර විදේශගත වීමේ සැලසුමක් පිළිබඳවද CID නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

එහිදී අනාවරණ වී ඇත්තේ, 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ පුද්ගලයෙකු විසින් එම ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රය සකස් කර ඇති බවයි.

දන්සල් දෙන අයට සහ කන අයට PHI වෙතින් හදිසි නිවේදනයක්- මේ වැරැද්ද කළොත් වැඩ වරදියි

දන්සල් දෙන අයට සහ කන අයට PHI වෙතින් හදිසි නිවේදනයක්- මේ වැරැද්ද කළොත් වැඩ වරදියි

වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, එම පුද්ගලයා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරමින් සිටින බවයි.

ඒ අනුව, 41 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු CID හි මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහු අද (27) පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.