අලුත් වෛරසයක්.. මහරගම සහ කොළඹ බෝවීම වැඩියි විශේෂයෙන් පාසල්වල - අගමැති

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ඩෙංගු අලුත් වෛරසයක් හේතුවෙන් බව සඳහන් කර ඇත.

ඒ අනුව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

"අලුත් වෛරසයක් එක්ක බෝවීම වැඩි වුණත් අපි මෙහෙයුමක් කළා. දැන් යම් අඩුවීමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු උවදුර වැඩි වශයෙන් බලපාල තියෙනවා. මහරගම සහ කොළඹ නගරාසන්න ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තියක් තියෙනවා. ගෙවල්වලට වඩා, පොදු ස්ථානවල, විශේෂයෙන් පාසල්වල කාර්යාල පරිශ්‍රවල සහ හිස් ඉඩම්වලත් හදුනාගෙන තියෙනවා. නමුත් ඒ හිස් ඉඩම්වල මොනව හරි කරන්න ගියාම අයිතිකාරයන් එනවා. ඉදිකිරීම් සිදුකර ඒවා නතරවී ඇති ස්ථානවලත් ඩෙංගු ව්‍යාපෘතිය හදුනාගෙන තියෙනවා"

මේ අතර පවතින තත්ත්වය යටතේ අද (27) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු මර්දන මෙහෙයුම් දියත් කෙරුණා.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ