රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

Report

රජයේ පාසල් ගුරුවරුන්ගෙන් 44%ක් ඉහළ මානසික බිඳවැටීම්වලට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඒ අනුව මෙම තොරතුරු වාර්තා වී ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයෙන් සිදු කරන ලද සමීක්ෂණයකින් බව සඳහන්.

එහිදී ගුරුවරුන් මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය සහ ඔවුන්ගේ මානසික බිඳවැටීම අතර ඍජු සබඳතාවක් ඇති බව හෙළිව ඇති බව වාර්තා වේ.

මෙම සමීක්ෂණයට තෝරාගත් පාසල්වල ගුරුවරුන් 238ක් සහභාගිකොට ගෙන ඇත. එම ගුරුවරුන්ගෙන් 81% කට වඩා ප්‍රකාශකර ඇත්තේ ඔවුන්ගේ මාසික ආදායම මූලික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

ඒ අනුව මෙම තත්ත්වයට මුහුණ දීමට ඔවුන් 77% ක් අත්‍යවශ්‍ය වියදම් කපා හැර ඇති අතර, 78% කට ආසන්න පිරිසක් අතිරේක ආදායම් මාර්ග සොයමින් සිටින බවද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

එසේම ගුරුවරුන්ගෙන් 30.4% ක්ම දැඩි මානසික පීඩනයකින් පසුවෙන බවත් ඔවුන් සමාජීය වශයෙන් අක්‍රියව සිටින අතර කාංසාව සහ විශාදය වැනි මානසික රෝගවලටද ගොදුරුව ඇති බවත් සඳහන්.

සියලුම රාජ්‍ය සේවකයන්ට දෙන්න යන වවුචර් - ගෙවීමේ ක්‍රමයට දෙන බවට ඇමති වසන්තගෙන් ප්‍රකාශයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට දෙන්න යන වවුචර් - ගෙවීමේ ක්‍රමයට දෙන බවට ඇමති වසන්තගෙන් ප්‍රකාශයක්

එමෙන්ම කිසිදු මූල්‍ය ඉතිරියක් නොමැතිවීම සහ මාසික වියදම් සීමා කිරීමට සිදුවීම, මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන ප්‍රධානතම සාධක වශයෙන් හඳුනාගෙන ඇති අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන රටාව වෙනස් කරගැනීමට සිදුවීම ගුරුවරුන්ගේ දැඩි මානසික සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් ඍජුවම බලපා ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මත මනෝ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඔවුන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බවයි.

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ