නැවතත් වෛරසයක් හිස ඔසවයි - මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා දැන්ම බලන්න..
මෙම දිනවල දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා නමැති වෛරසය ව්‍යාප්ත වෙමින් පවති.
ඒ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගින් ස්වසන මාර්ගය ආසාදනයට ලක් කරයි.
මේ හේතුවෙන් උණ, නාසයෙන් සොටු ගැලීම, උගුර වේදනාව, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, කිවිසුම් යෑම, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ දරුවන් අතර ඇතිවිය හැකිය.
මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ඇත්නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ.
එමෙන්ම, වැඩිදුරටත් සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතා පහසුවෙන් අන් අයට බෝ විය හැකි බැවින් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.