කොළඹ ජනතාවගේ උද්ධමනය පහළට...

Report

2024 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උමං මඟක සිරවී කම්කරුවන් තිදෙනෙකු ජිවිතක්ෂයට...

උමං මඟක සිරවී කම්කරුවන් තිදෙනෙකු ජිවිතක්ෂයට...

ඒ අනුව 2024 අගෝස්තු මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 0.5% ක් දක්වා අඩු වී ඇති අතර මේ වසරේ ජූලි මාසය සඳහා 2.4% ක් ලෙස වාර්තා වී තිබු බව ද වාර්තා වේ.

එමෙන් ම, 2024 ජූලි මාසයේ දී 1.5% ක් ලෙස දක්වා තිබු ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මේ වන විට 0.8% දක්වා අඩු වී තිබේ.

ජපන් ජාතිකයින් වැඩි පිරිසක් නිවෙස්වල ම මිය යන බවට වාර්තාවක්...

ජපන් ජාතිකයින් වැඩි පිරිසක් නිවෙස්වල ම මිය යන බවට වාර්තාවක්...

තව ද, 2024 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.4%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජූලි මාසයේ දී 2.8% ක් ලෙස දැක්වූ බව ද සඳහන් ය.