ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යාපනයට
By Kanchana
පාසල්වල සහ ක්‍රීඩා සමාජවල මේස පන්දු, ටෙනිස්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ චෙස් වැනි ගෘහස්ථ ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන යාපනය දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව රුපියල් මිලියන 170ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ පහසුකම් සහිතව යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව හඳුනාගෙන තිබේ.
දිගුකාලීන සමාජීය ගැටුම් හා අභියෝගවලින් පසු යථා තත්ත්වයට උතුරු පළාත පත් වෙමින් පවතින වකවානුවකි.