'රනිල් සමඟ ඉගෙන ගනිමු' - එජාප ඩිජිටල් පක්ෂයක් බවට පත් වේ
එක්සත් ජාතික පක්ෂය නව තරුණ පරම්පරාව ඇතුළත් කරගෙන නැවත බලවත් දේශපාලන බලවේගයක් බිහිකිරීමේ මහා ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කළේය.
ඊයේ සිරිකොත හිරුණ් දවස් උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
"ඉදිරි මාස 6 තුළ මහජන රැස්වීම් 1,000ක් පැවැත්වීමෙන් නව අදහස් සහිත, තරුණ බලයෙන් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනඟන්න අපි කැපවෙනවා."
ප්‍රධාන සැලසුම් කිහිපයක්:
- ලබන මාසයේ සිට "රනිල් සමඟ ඉගෙන ගනිමු" වැඩසටහන ආරම්භ වේ.
- සති දෙකකට වරක් පැය 2 බැගින් තරුණයින් දේශපාලනිකව බලමුලු ගැන්වීම.
- දෙසැම්බර් 10 වැනිදා වන විට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ පළමු සම්පූර්ණ ඩිජිටල් දේශපාලන පක්ෂය බවට පත්කිරීම.
- මෙම ඩිජිටල් විප්ලවයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙයි.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් කළ යුතු සියල්ල ඉටු කර තිබෙනවා. ඉතිරි වැඩ අපි කරනවා. රජයට බැණ බැණ තරගයක් නෙමෙයි, රටට නව මාවතක් පෙන්වන දේශපාලනයක් අපි කරනවා" යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
මේ අතර, එක්සත් ජනතා පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ සාකච්ඡා ද සාර්ථකව පවත්වාගෙන යන බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මෙම නව තරුණ විප්ලවය ලබන පළාත් පාලන මැතිවරණයේදී ද බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.