අනෝජන් නිදහස දෙන්න - මහා නා හිමිවරු පෙරට

Report

සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කරගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නායක හිමිවරුන් ඇතුළු හින්දු ආගමික නායකයන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාරදී තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන්ගේ අත්සනින් යුතු අදාළ සංදේශය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා වෙත භාරදෙන ලදී.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

එමෙන්ම හින්දු ප්‍රජාව වෙනුවෙන් හින්දු පූජක සංගමයේ සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය සිවාශ්‍රී කේ.වී.කේ. වෛතීස්වර කුරුක්කල්තුමන් විසින් ද තවත් සංදේශයක් මෙහිදී පිළිගන්වන ලදී.

පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වේපටයිර ධම්මසිරි හිමි, සිවශ්‍රී කුගතාස කුරුක්කල්තුමන්, නීතිඥ තනුජා නවරත්න සහ සමාජ ක්‍රියාකාරී ආර්. ඒ. අමිල සංජීව යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අහුන්ගල්ලේදී වෙඩි කෑ පොඩි පැටීගේ සම්පූර්ණ විස්තරය මෙන්න

අහුන්ගල්ලේදී වෙඩි කෑ පොඩි පැටීගේ සම්පූර්ණ විස්තරය මෙන්න