මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක.. ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ - ජොන්ස්ටන්ට යකා වැහෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා ඇත්තේ ඇතැම් නිලධාරීන් නීතිය අවභාවිත කරමින් සාක්ෂි සාදන බවයි.
"උසාවිය කෙරෙහි අපේ විශ්වාසය තියෙනවනේ. ස්වාධීන අධිකරණයක් කෙරෙහි අපේ විශ්වාසය තියෙනවා. අධිකරණය අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ සමහර නිලධාරීන්ගෙන්. සමහර නිලධාරීන් නීතිය අවභාවිතා කරනවා. සාක්ෂි හදනවා. ඒක තමයි අපි දකින්නේ. උසාවියත් එක්ක අපි කවදාවත් ප්‍රශ්නයක් ඇති කරලා නැහැ. හැබැයි උසාවිය වුණත් අසරණ වෙනවා මේ වගේ සාක්ෂි හදලා ගෙනාවාම. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් සමහර නිලධාරීන්, බොහොම ස්වල්පයක් තමයි මේ දේ ක්‍රියාත්මක කරන්නේ, ආණ්ඩුවට ඕන දේ කරන්නේ. ඒක ජනතාව දන්නවා. ඉතින් එනවා, ඇප ගන්නවා, ආපහු නඩු දානවා. මේක අලුත් දෙයක් නෙමෙයි." යනුවෙන්.
මහජනතාවට ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ පුද්ගලයින්ගේ චංචල හෝ නිශ්චල දේපළ තහනම් කළ හැකියි
එසේම ඔහු තවදුරටත් කියා ඇත්තේ,
" ඊළඟ රැලිය අපි මාතර කරන්නේ." අපි මේවා බලාපොරොත්තු වෙන්න හිටියේ. මේගොල්ලෝ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවට අභියෝගයක් වෙන අයව රිමාන්ඩ් කිරීම, හිර කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒගොල්ලන්ට තියෙන එකම නිවුස් එක ඕක. පාරවල් හැදුවා කියලා කියන්න නිවුස් එකක් නැහැ. පාලම් හැදුවා කියලා නිවුස් එකක් නැහැ. වරායක්, ගුවන් තොටුපළක් හැදුවා කියලා මේගොල්ලන්ට නිවුස් නැහැ. එතකොට මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක. ඒක තමයි මේ ආණ්ඩුව කරන්නේ. ජනතාවගේ භාණ්ඩ මිල අඩු කරන වැඩපිළිවෙළක් නැහැ. එතකොට මේගොල්ලන්ට තියෙන එකම දේ තමයි මේ නිවුස් එක, රිමාන්ඩ් භාරයට පත් කළා, නඩු දැම්මා. ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ. ඉතින් ජනාධිපතිතුමා පොළොන්නරුවේ එකක් කියනවා, ගම්පහ ගිහිල්ලා තව එකක් කියනවා, අනුරාධපුරේ තව එකක් කියනවා, ගාල්ල දිස්ත්‍රික්කෙට කළුතර දිස්ත්‍රික්කෙට ගිහිල්ලා තව එකක් කියනවා. හැම ජනාධිපති කෙනෙක්ම අලුතෙන් එන්න ඕන නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ නීතියක් තියෙනවා, ඒ නීති අංශ නීතිය ක්‍රියාත්මක කරයි. දේශපාලඥයෝ නෙමෙයි. ඒක තමයි විය යුත්තේ. ඒ හින්දා මේකෙන් හොඳටම තේරෙනවා දේශපාලඥයා තමයි අද නීතිය ක්‍රියාත්මක කරන්න අතට අරන් තියෙන්නේ.බොහොම ස්තූතියි. හැමදාම නීතිය මේ රටේ ක්‍රියාත්මක වුණා. කොහෙද ක්‍රියාත්මක නොවුණේ? නීතිය තියෙන්නේ ඒ අදාළ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක කරන්න, දේශපාලඥයෝ අතට ගන්න නෙමෙයි.ඒක වැරදි පූර්වාදර්ශයක්. දේශපාලඥයෝ නීතිය අතට, නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා නම් ඒක ඉතාම වැරදියි. ස්වාධීන ආයතන ස්වාධීන ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ." යනුවෙන්.