අඩි 34,000ක් උඩදී සිදුවන්නට ගිය Flydubai ගුවන් අනතුර වැළැක්වූ ඉන්දීය නියමුවාට අගමැති මෝදිගෙන් උපහාර
Flydubai ගුවන් යානයක සිදුවීමට ගිය බරපතළ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කිරීමේදී තුවාල ලැබූ ඉන්දීය ගුවන් නියමු කැප්ටන් ස්මිත් මච්චාර් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා දුරකථන වීඩියෝ ඇමතුමක් ඔස්සේ කතා කර තිබේ.
එහිදී මගීන්ගේ ජීවිත රැකගැනීම සඳහා නියමුවා දැක්වූ ධෛර්යය අග්‍රාමාත්‍යවරයා විසින් අගය කර ඇති අතර, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක ප්‍රතිකාර ලබන කැප්ටන් මච්චාර්, වීඩියෝ ඇමතුම අතරතුර සිදුවීම පිළිබඳ සිය අත්දැකීම මෝදි සමඟ බෙදාගෙන ඇත.
එම අවස්ථාවේදී තමාගේ ජීවිතය පිළිබඳවද අවදානමක් පැවති නමුත්, ධෛර්යයෙන් කටයුතු නොකළහොත් ගුවන් යානයේ සිටි මගීන් 170 දෙනාගේ ජීවිත අනතුරට පත්විය හැකි බව තමන්ට අවබෝධ වූ බව ඔහු සඳහන් කර තිබේ.
එම දුෂ්කර අවස්ථාවේදී තමන් 'හනුමාන් චාලිසා' මෙනෙහි කළ බවත්, එමඟින් ධෛර්යය ලැබුණු බවත් කැප්ටන් මච්චාර් ප්‍රකාශ කර ඇත. මීට පෙර බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍ය මෝදි කැප්ටන් මච්චාර්ගේ බිරිඳ සහ දෙමාපියන් සමඟද දුරකථනයෙන් කතා කර තිබූ අතර, ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඉන්දීය දූත මණ්ඩල හරහා අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවට සහතික වී තිබේ.
සංවාදය අතරතුර තමන් හැඟීම්බර වීම සම්බන්ධයෙන් කැප්ටන් මච්චාර් අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ඉල්ලා ඇති අතර, මෝදි සමඟ කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කිසි දිනෙක නොසිතූ බවද සඳහන් කර තිබේ. මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් මෝදි, කැප්ටන් මච්චාර්ගේ ධෛර්යය සහ තීරණ ගැනීමේ හැකියාව අගය කරමින් ඔහු 'වීරයෙකු' ලෙස හඳුන්වා තිබිණි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම්.. බොර තෙල් බැරල් මිලියන 2.5 ක ධාරිතාවයකින් යුත් සුපිරි ටැංකියක් ගිනි ගනියි
එම සිදුවීමේදී ඔහු දැක්වූ ධෛර්යය හේතුවෙන් ජීවිත රැසක් බේරා ගැනීමට සහ විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවද මෝදි සඳහන් කර තිබේ. වාර්තා වන පරිදි, බදාදා සිදුවූ මෙම ගුවන් සිද්ධියේදී සහාය ගුවන් නියමුවා සමඟ ඇති වූ ගැටුමකින් කැප්ටන් මච්චාර් බරපතළ තුවාල ලබා ඇත.
එහෙත් තුවාල ලබා සිටියද ඔහු නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වී ඇති අතර, එමඟින් කාර්ය මණ්ඩලයට සහ මගීන්ට නියමු කුටියට ඇතුළු වී තත්ත්වය පාලනය කිරීමට හැකිවී ඇති බව සඳහන් වේ.
සිදුවීම සිදුවන අවස්ථාවේ බෝයිං 737 වර්ගයේ ගුවන් යානය අඩි 34,000ක පමණ උසකින් පියාසර කරමින් සිට ඇති අතර, පසුව එය දැඩි වේගයකින් පහළට ගමන් කර අඩි 15,600ක පමණ උසකට ළඟා වී තිබේ. කැප්ටන් මච්චාර්ට වසර 13කට වැඩි වාණිජ ගුවන් සේවා පළපුරුද්දක් සහ පියාසැරි පැය 9,750කට ආසන්න අත්දැකීම් ඇති බව වාර්තා වේ.
ඔහු ප්‍රධාන වශයෙන් බෝයිං 737 ගුවන් යානා මෙහෙයවා ඇති අතර, Flydubai සමාගමට එක්වීමට පෙර වසර 11ක කාලයක් SpiceJet සමාගමේ සේවය කර තිබේ. එහිදී ඔහු Line Training Captainවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බැවින් ඊශ්‍රායලය වෙත සහ ඉන් පිටතට සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට Flydubai සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
#WATCH | PM Modi speaks with Flydubai Captain Smit Machchhar through a video call and praises his courage, presence of mind and composure in how he saved many lives The PM says to Captain Smit, "The whole country is praying for you. Maha Mrityunjay Jaap is being done for you and your health. Your courage, presence of mind and composure saved many lives. The country can proudly say that Indians are not those who take lives, but those who are willing to risk their lives to save others."
— ANI (@ANI) October 2, 2026