ඉන්දියාවෙන් ඇවිත් සැඟව සිටි අයකු අල්ලයි

Chennai indian covd19 Mulliyaweli Subramaniyam pingala
By Sewvandhi Jun 11, 2021 03:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර දහයකට අධික කාලයක් පුරා ඉන්දියාවේ සැඟව සිට එහි කෝවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් මුහුදු මගින් මෙරටට පැමිණ මුල්ලියාවේලි ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

සැකකරු 36 හැවිරිදි සුබ්‍රමනියම් පිංගල නැමැත්තෙක් බව ද පොලීසිය කියයි . මොහු 2009 වසරේ කටුනායක ගුවන් තොටුපොළෙන් චෙන්නායි බලා ගොස් ඇති අතර පසුව වසර 10ට අධික කාලයක් පුරා චෙන්නායි නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

චෙන්නායි ප්‍රදේශයේ රෝගය ව්‍යාප්ත වීමත් සමගම සැකකරු ඉකුත් මාර්තු මස 12 වැනි දින බෝට්ටු මගින් නීති විරෝධීව මෙරටට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු අනුව පොලීසිය දැනුවත් කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .

නීරෝධායන නීති උල්ලංඝනය කිරීම , ආගමන විගමන නීති උල්ලංඝනය උල්ලංඝනය කිරීම යන කරුණු අනුව සැකකරු අද (11) මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now