ඉන්දීය නාවික හමුදාවේ ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) කොළඹ වරායට සපැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
මීටර් 149.02ක දිගින් යුත් Frigate වර්ගයේ මෙම යුද නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Vikas Sood මහතා සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා අතර නිල හමුවක් විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
අණදෙන නිලධාරී කපිතාන් Vikas Sood මහතා මීට පෙර (2020 ජූලි සිට 2023 ඔක්තෝබර් දක්වා) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.
දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහන් රැසකට සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාර සඳහා ද නෞකාවේ කාර්යමණ්ඩලය එක්වීමට නියමිතය.