''ලාභ ලබන සතොස වාහන්නේ ඇයි?'' - වාහන ගැන ඇමතිගෙන් කෙළින්ම හෙළිදරව්වක්
සතොස ශාඛා වැසීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පිළිතුරු දුන්නේය. එහිදි අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිතුමා,
''ගරු කථානායකතුමනි,එකක් තමයි, එතුමා කියන විදිහට ලාභ ලබන සතොස ශාඛා ගණනාවක් වහන්න සිද්ධ වෙලා තියෙනවා. අර කරාපිටිය එක වගේ තමයි එකක්. එකට හේතුව තමයි, සතොස කියන විතරක් නෙමෙයි, දැන් පාරිභෝගිකයෝ කැමති තමන් වාහනයකින් ඇවිල්ලා බඩු මිලදී ගන්න තැනකට යන්න. දැන් ඔය සතොස සමහර ඒවා වහලා තියෙනවා. ඒවා ගොඩක් ගත්තොත්, පහුගිය කාලයේ විවිධ තැන්වල, විවිධ ස්ථානවල, තමන්ට වර්ග අඩි තුන්දහසකට එහා සාමාන්‍ය ගොඩනැගිල්ලක්, පාකින් තියෙන තැනක් අපි හොයනවා. ඒ මූලික පහසුකම් නැති තැනක සතොසක් අලුතින් ආරම්භ කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ලාභ ලබන සතොස වැහිච්ච තැන් පිළිබඳව හොඳම අධ්‍යයනයක් අපට තියෙනවා. අපි නැවත ඉක්මනින් කොහොම හරි නැති තැන්වල අපි විශ්වාස කරලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත්, අපේ තණමල්විල එක වැහෙන්න ළඟයි. ජගත් පුෂ්පකුමාර ඇමතිතුමාගේ බිල්ඩිමේ තියෙන්නේ. එක ඉල්ලලා තියෙනවා. එතකොට අපි එතන වෙනුවට නව ඉඩමක් හරි අරගෙන, තාවකාලික බිල්ඩිමක් හදලා හරි, අපි නැවත සතොස පටන්ගෙන පාරිභෝගිකයන්ට ඒ වැඩ කටයුතු සලසන්න අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමා.''