ඉන්දියානු යුද නැවක් කොළඹ වරායට

Report

කලාපීය රටවල් අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඉන්දියානු නාවික හමුදාවට අයත් 'IOS සාගර්' (INS Sunayna) යුද නෞකාව ඊයේ (මැයි 15) කොළඹ වරායට පැමිණියේය.

මෙම නෞකාවේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක නාවික නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයක් මෙහි ගමන් කිරීමයි.

තැපැල් සේවකයන්ට සුබ ආරංචියක් - රජයෙන් මිලියන 600ක්

තැපැල් සේවකයන්ට සුබ ආරංචියක් - රජයෙන් මිලියන 600ක්

මෙම බහුජාතික නාවික කණ්ඩායම ඉන්දියානු නාවික පුහුණු මධ්‍යස්ථාන තුළදී සාර්ථකව ඒකාබද්ධ වරාය පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව, පසුගිය අප්‍රේල් 02 වැනිදා මුම්බායි වරායෙන් සිය මුහුදු මෙහෙයුම් සහ සංචාරය ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, තායිලන්තය, තිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නාවිකයින් මෙම ඒකාබද්ධ මෙහෙයුමට දායකත්වය සපයයි.

භයානක අනාවරණයක් - අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවලා? පුද්ගලයෙක් අත්අඩංගුවට

භයානක අනාවරණයක් - අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවලා? පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙම සංචාරය තුළින් ඉන්දියන් සාගර කලාපයේ රටවල් අතර සමුද්‍රීය ආරක්ෂාව සහ වෘත්තීය සබඳතා තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.