පැහැදිලිව කියව ගන්න බැරි හින්දා බෙහෙත් තුණ්ඩු ඩිජිටල් කරන්න නියෝගයක්

By Kanchana Oct 02, 2025 09:10 AM GMT
Report

පැහැදිලිව කියවීමට නොහැකි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයකට මාරු විය යුතු බවට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබේ.

රෝගීන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වේ.

පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, විනිසුරුවරයෙකුට ඉදිරිපත් කළ වෛද්‍ය-නෛතික වාර්තාවක එකදු වචනයක්වත් හෝ අකුරක්වත් කියවීමට නොහැකි බවට නිරීක්ෂණය වීමෙන් පසුව වේ.

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

අධිකරණය නිර්දේශ කළේ, වෛද්‍ය විද්‍යාල විෂය මාලාවට පැහැදිලි අත්අකුරු පුහුණුව ඇතුළත් කළ යුතු බවත්, වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත්පත් අනිවාර්ය කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ නොපැහැදිලි අත්අකුරු ගැටලුවක්ව පැවති බවත් එමගින් භයානක ඖෂධ දෝෂ ඇතිවීමට හේතු වූ බවයි. ඉන්දීය වෛද්‍ය සංගමය මෙම තීන්දුව පිළිගෙන තිබේ.

නාගරික වෛද්‍යවරු දැනටමත් ඩිජිටල් මෙවලම් භාවිත කළද,බොහෝ ග්‍රාමීය සහ අධික රෝගීන් සංඛ්‍යාවක් සිටින ස්ථානවල තවමත් අතින් ලියන ලද බෙහෙත්පත් සුලබව දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙනු ලබයි.

රාජපක්ෂලා රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා නාමල් නෑ කිව්වට වැඩක් නෑ - බිමල්

රාජපක්ෂලා රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා නාමල් නෑ කිව්වට වැඩක් නෑ - බිමල්

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න