රාජපක්ෂලා රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා නාමල් නෑ කිව්වට වැඩක් නෑ - බිමල්

Report

ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද දින මාධ්‍ය සාකච්ඡාවකදී මෙරට එළිවෙමින් පවතින අපරාධ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

එහිදී රාජපක්ෂලා මේ රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගොස් ඇති බව පැහැදිලි කාරණයක් බව කියූ අමාත්‍යවරයා එය මේ වන විට හෙළිදරව් වෙමින් ඇති බව ද සඳහන් කළා.

එසේම ඒ හැර තවත් පක්ෂවල ආණ්ඩු කරපු පිරිසගේ අපරාධ ද ඉදිරියේදී එළියට එන බව අවධාරණය කරමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන්ද පර්‍යේෂණ කටයුතු සිදු වෙමින් පවතින බවයි.

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,

"අපි පැහැදිලිවම කිව්වා මේක අපරාධමය රාජ්‍යයක් කියලා මහජනතාවට. මත්ද්‍රව්‍ය සහ මේ මහා පරිමාණ පාතාල කටයුතු දේශපාලන ආරක්ෂාවත් සමහර ආරක්ෂක අංශවල යම් පිරිසකගේ ආරක්ෂාවක් මත තමයි මේක වෙන්නේ කියලා. නමුත් පසුගිය කාලෙ තිබුණු රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ තිබුණු ප්‍රේමදාසලාගේ පාලන කාලය තුළ මේ අපරාධකරුවන් ආරක්‍ෂා කරන අපරාධකරුවන් සමග දේශපාලනයක් තමයි තිබුණේ. ඒවට උදව් කරන මාධ්‍යයක් තිබුණා. නමුත් අද දිනයේදී ජනතාව පත් කරල තියෙනවා දේශපාලන වශයෙන් පිරිසිදු ආණ්ඩුවක්. මේ වන විට පරීක්‍ෂණ අංශවලට උපරිම නිදහසක් දීලා තියෙනවා ඔවුන්ගේ උපරිමය කරන්න. ඒ නිසා තමයි ජනාධිපතිවරය පවා මැදිහත් වෙලා ඉන්දුනීසියාවෙදි ඔය කරපු මෙහෙයුම දියත් කළේ. ප්‍රධානම මම හිතන්නේ ලංකාවේ කුඩු ව්‍යාපාරයෙන් සියයට පනහක් කරේ ඔවුන් කියන අදහස තමයි දැනට තියෙන්නෙ. ඒ නිසා මේ කුඩුත් එක්ක කොහොමද තාජුඩීන් ඝාතනය දක්වා දික්වෙලා තියෙන්නේ කියල අද පේනවා. ඒ වගේම අධිකරණය, මං හිතන්නෙ කොන්ද කෙලින් තියාගෙන අධිකරණය වැඩ කරනවා. ඒ නිසා මම හිතනවා පරීක්ෂණ කටයුතු වේගවත් වීම නිසා තමයි ඔබතුමා කියපු විදිහට ජලාශවල ගොඩබිම වෙන්න පුළුවන් වෙන තැන්වල වෙන්න පුළුවන් මේ පර්යේෂණ කටයුතු පටන්ගත්ත නිසා තමයි ඒවා අහුවෙන්නේ. අනිවාර්යයෙන්ම සම්පත් මනම්පේරි බැකෝ සමන්, ඝාතනය කළ කජ්ජා කියන පුද්ගලයා ඒවගේම කෙහෙල් බද්දර පද්මේ අපි දැක්කා ඔහුගේ ඡායාරූප හිටපු ජනාධිපතිවරයෙක් සමඟ. එනිසා මේ රාජපක්ෂලාගේ බොඩිගාඩ්ලා ජනාධිපති ආරක්ෂණ අංශේ හිටපු අය ඩ්‍රයිවර්සලා ඒවා ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් නැහැ.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

ඔය සමහර පුද්ගලයන්ට බස් ලයිසන් තියෙනවා සමහරුන්ට ෂූට් පර්මිටුත් තියෙනවා. එනිසා හරි පැහැදිලියි මේවා මේ රාජපක්ෂලා සහ ඒ දේශපාලනවල. මම දැක්කා සමාජ මාධ්‍යවල, ආනන්ද විජේපාල මහතා කියලා තියෙනවා සම්පත් මනම්පේරී කියන පුද්ගලයා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් කටයුතුත් පවා කරලා තියෙනවා. ඒ නිසා මේවට රාජපක්ෂලා සම්බන්ධයි කියන එක නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කරාට වැඩක් නැහැ. පර්යේෂණ අංශවලින් ඔප්පු කරාවි දැනුත් ඔප්පු වෙලා තියෙන්නෙ ඒව නිකං අමුතුවෙන් චෙක් කරන්න දෙයක් නෑ හරි පැහැදිලි රාජපක්ෂලා මේ රටේ දරුණුම ආකාරයේ අපරාධ රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙනවා . ඒක හෙළිදරව් වෙමින් තියනවා තවත් පක්ෂවල ආණ්ඩු කරපු කට්ටියගෙ අපරාධ ඉදිරියේදී එළියට එයි. අපි ඒ දක්වා පර්යේෂණ කරනවා" යනුවෙන්.

වැඩ වරදින දේශපාලනඥයින් 28ක්.. වත්කම් විමර්ශන කඩිනමින්.. - ආරක්ෂක ඇමති

වැඩ වරදින දේශපාලනඥයින් 28ක්.. වත්කම් විමර්ශන කඩිනමින්.. - ආරක්ෂක ඇමති