අත්අඩංගුවට ගත් මහින්දගේ ආරක්ෂක නිලධාරියා අධිකරණයට [UPDATE]
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඔහුව මෙසේ අධිකරණයට රැගෙන ආවේ අල්ලස් කොමිසම නිලධාරීන් පිරිසක් විසින් බව සඳහන්.
මෙසේ අල්ලස් කොමිසම මඟින් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (02) දින පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුවයි.
.....................................................
මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට 4.34PM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
මින් පෙර ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැඳවා තිබෙන බව වාර්තා වුණා.
ඒ අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි.
වාර්තා වූ තොරතුරු අනුව ඔහුව එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳව තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.
