අද තරඟය ඉන්දියාව පරාජය කර අවසන් සටනට යන්න ශ්‍රී ලංකාවෙන් නව සැලැස්මක්..
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 7වන තරගය අද (02) සත්කාරක ඉන්දියාවට එරෙහිව මුම්බායිහි වන්කඩේ ක්‍රිකට් පිටියේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.
2011 ලෝක කුසලාන අවසන් මහා තරග පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම වන්කඩේ ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් ක්‍රීඩා කරන පලමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සුළුවෙන් හෝ තබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වන අතර මෙම තරගය සහ ඉදිරි තරග දෙක තුළ ජයග්රහණයන් ලබා ගැනීමට නොහැකි වූවහොත් ලෝක කුසලාන සිහින මෙන්ම 2025 ශූරයින්ගේ කුසලානයේ සහභාගීත්වය පවා ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවධානමනට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව තිබේ.
අපරාජිත ඉන්දියානු කණ්ඩායමට අද තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ඉඩක් හිමි වූවහොත් ඔවුන් නියත වශයෙන්ම අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ලබයි.
කෙසේවෙතත් ආබාධයක් හේතුවෙන් අද තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙන අතර බොහෝ දුරට එංගලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ම අදත් තරග වැදීමට ඉඩ ඇත.
වන්කඩේ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර එක්දින තරග 5ක් ක්‍රීඩා කොට තිබෙන අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග දෙකක් පමණයි.
අවසන් වරට තරග වැදුණු 2011 වසරේදී වන්කඩේ ක්‍රීඩාංගණයේ ඉනිමක සාමාන්‍ය 240කට ආසන්න වූවත් මෙවර ලෝක කුසලානයේ මේ දක්වා වන්කඩේහි පැවැති තරග දෙකෙහිම පළමු ඉනිම ලකුණු 350 ඉක්මවා තිබීම ද විශේෂත්වයක්.
එමෙන්ම කෙටි හතරේ සීමා සහ පිතිකරුවන්ට උචිත තණතීරු වන්කඩේ ක්‍රීඩාංගණය වේගයෙන් ලකුණු රැස් කරන පිතිකරුවන් හට උචිතම ක්‍රීඩාංගණයක් බවට පත් කරවන සාධකයක්.
මේ හේතුවෙන් කාසියේ වාසිය ජයග්‍රහනය කරන නායකයා මෙම ක්‍රීඩාංගණයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 320 ඉක්මවූ ඉලක්කයක් ප්රතිවාදීන්හට ලබා දීමට උත්සුක වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.
පසුගිය තරගයේ ශ්‍රී ලංකා පිතිකරණය පෙන්නුම් කළ අසාර්ථකත්වය, වන්කඩේ ක්‍රීඩාංගණය පිතිකරුවන්ට වැඩි වාසියක් ලබා දීම සහ ඉන්දීය කණ්ඩායමේ වැඩි පිරිසක් දකුණත් පිතිකරුවන් වීම ආදිය හේතුකර ගනිමින් ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.
මේ අනුව ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉවත් කොට එම ස්ථානය සඳහා ධනංජය දි සිල්වාට උසස්වීමක් ලබාදීමටත් ඇන්ජෙලෝ මැතිව්ස් නොම්මර 6 ස්ථානය දක්වා උසස් කිරීමටත් සහ දුනිත් වෙල්ලාලගේ නැවතත් කණ්ඩායමට කැඳවීමටත් බොහෝසෙයින් ඉඩකඩ තිබේ.
අපරාජිත ඉන්දියාව පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා පිතිකරණය මීට වඩා ස්ථාවර වීම මෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නිසි එල්ලයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත.
එමෙන්ම ඉන්දීය නායක රෝහිත් ශර්මා ජාත්‍යන්තර පිටියේදී වැඩිම වාර ගණනාවක් දවාගත් දුෂ්මන්ත චමීර පළමු පන්දුවාරයේදීම පන්දුව ගැනීම වැදගත් සාධකයක් වනු ඇත.
එමෙන්ම නව පන්දුවෙන් පන්දුවාර කීපයක් යොමු කිරීම සඳහා මහීෂ් තීක්ෂණ කැඳවීම වඩා සුදුසු වන අතර දිල්ශාන් මධුසංඛ, මහීෂ් සහ චමීරගෙන් පළමු පන්දුවාර 10 තුළ කඩුලු කීපයක් දවාගැනීමට උත්සුක විය යුතුවේ.
පන්දුව තරමක් පැරැණි වූ පසු වන්කඩේහීදී දඟ පන්දුවටත් තරමක ඉඩක් තිබීම හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු යොමු කිරීම සඳහා ප්‍රථම පන්දුවාර 12 පසුවන තුරු සිටීම ද නුවණට හුරු කාරණයකි.
මේ අනුව අද තරඟයේ ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
01. පැතුම් නිස්සංක
02. ධනංජය දි සිල්වා
03. කුසල් මෙන්ඩිස්
04. සධීර සමරවික්‍රම
05. චරිත් අසලංක
06. ඇන්ජෙලෝ මැතිව්ස්
07. දුනිත් වෙල්ලාලගේ
08. දුෂ්මන්ත චමීර
09. මහීෂ් තීක්ෂණ
10. කසුන් රාජිත
11. දිල්ශාන් මධුසංඛ