ඉන්දියාවට විශිෂ්ඨ ජයක්..ඇෆ්ගනිස්ථානයට අද සිදු වූ දේ .(UPDATE)

Report

Update 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දීයා අතර තරගයෙන් ඉන්දීය කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් මීට සුළු මොහොතකට පෙර ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

මේ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 47කින් විශිෂ්ඨ ජයක් ලැබුවා.

...................................

ඉන්දියාවෙන් අෆ්ගනිස්ථානයට මීට සුළු මොහොතකට පෙර දුන් අභියෝගය..

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දීයා අතර තරගය මේ වනවිට පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වුණා.

එහි දී විරාත් කෝලි ලකුණු 24ක් රැස්කරගත් අතර සූර්ය කුමාර් යාදෙව් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් විය.

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..


පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයේ ජය පරාජය තීරණය කෙරුණේ, සුපිරි පන්දුවාරයකින් වන අතර, එහි දී සුපිරි පන්දුවාර දෙකක් ක්‍රියාත්මක වීමත් විශේෂත්වයක්.

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..