ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහයක්? ඇමරිකාවම උණුසුම් කරමින් ආයුධ සමඟ අයෙක් අත්අඩංගුවට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කරන බවට තර්ජනය කළ බව කියන සන්නද්ධ පුද්ගලයෙකු ධවල මන්දිරය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු රහස් සේවා නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගමන් කළ මෝටර් රථය සොරකම් කරන ලද එකක් බවට හඳුනාගෙන ඇති බවයි.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සඳහන් කර ඇත්තේ, සැකකරු වන රොනී යෝඩ්රික්ස් ගුවානිපා ක්‍රිනෝස් (Ronny Yordrix Guanipa Chrinos) නමැති වෙනිසියුලානු ජාතිකයා ධවල මන්දිරය අසල මෝටර් රථයක සිටියදී සැකකටයුතු ලෙස හැසිරෙන ආකාරය නිලධාරීන් නිරීක්ෂණය කර ඇති බවයි.
නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, තම හිස තුළ ඇසෙන කටහඬවල් තමන්ට වොෂින්ටන් ඩී.සී. වෙත පැමිණ ජනාධිපති ට්‍රම්ප් ඝාතනය කරන ලෙස පැවසූ බව ඔහු සඳහන් කර ඇත.
1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න
DHS නිවේදනයේ දැක්වෙන්නේ පසුව මෝටර් රථය සොරකම් කරන ලද එකක් බව අනාවරණය වී ඇති අතර, එහි ආයුධ කිහිපයක් තිබෙන බවට ද සැකකරු පිළිගෙන ඇති බවයි. එමෙන්ම, සැකකරු නීතිවිරෝධී ලෙස අමෙරිකාවට ඇතුළු වූ අයෙකු බව ද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
