මේ ප්‍රධාන මාර්ගයේ ගසක් කඩා වැටී ගමනා ගමනය ඇන හිටියි - මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම්දීමක්
කොළඹ - රත්නපුර, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී තිබේ.
අද (08) සිදුවූ මෙම අනතුරින් මාර්ගයේ එක් දිශාවක වාහන ගමනාගමනය තාවකාලිකව ඇණහිට ඇති අතර, ඒ හේතුවෙන් මගීන්ට සහ රියදුරන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇත.
ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට වැටී ඇති ගස ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින අතර, මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටියි.