පවතින අධික වර්ෂාව සමග අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනම විවෘතයි - කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ජලාශයේ වාන්දොරටු තුනම අඩි දෙක බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අදාළ වාන්දොරටු ඔස්සේ මුදාහැරෙන ජලය වැල්ලවාය කිරිඳිඔයට එක්වීම හේතුවෙන් කිරිඳිඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් කිරිඳිඔය භාවිත කරන ජනතාව සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල ජීවත්වන ජනතාව නිරන්තර අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.