මේ හේතු මත පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්

Report

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය කාලසීමාව තුළ මෙරට සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධාකාරයේ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බව එම ලිපියෙහි දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රාජ්‍යයට පවරා ඇති වගකීම නොසලකා හරිමින්, නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් ආයතනවල ක්‍රියාකලාපයන් මෙන්ම ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රචාරණයන් පිළිබඳව බරපතළ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්

මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්

එමෙන්ම, ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු හා නියෝග ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් ද සමාජය තුළ බරපතළ සැක සංකා මතුවෙමින් පවතින බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා ඒ පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය බවත් මහ ලේකම්වරයා සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හමුවේ මෙම ජාතික වශයෙන් වැදගත් කරුණු යටපත් වීමට ඉඩ නොතබා, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුමය සහ දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සාගර කාරියවසම් මහතා විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න