නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විශ්වවිද්‍යාලයකින්, විද්‍යාපීඨයකින් හෝ ගුරු විද්‍යාලයකින් කිසිදු විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවන බව ජාතික එකමුතු ගුරු සංගමය පවසයි.
එම සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් ප්‍රකාශ කළේ, මහින්ද ජයසිංහ මහතා යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙස පත් කරන ලද අභ්‍යාසලාභී ගුරුවරයෙකු පමණක් බවයි.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට පත්වීමක් ලැබීමෙන් අනතුරුව, ඔහු වෘත්තීය සමිතියක් පිහිටුවා ගනිමින් සමස්ත ගුරු පරපුරම මුළා කිරීමට කටයුතු කළ බව ද එම සංගමය සඳහන් කළේය.
ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සහිත සමස්ත ගුරු පරපුරම මෙලෙස මහින්ද ජයසිංහ මහතාට රැවටීමට ලක්ව ඇති බව ජාතික එකමුතු ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.