"ජපානේ ඉඳලා නෙමෙයි වෙන මන්දාකිණියක ඉඳලා හරි වෙහෙරා වෙනුවෙන් මේ ආනා එනවා" කැම්පස් යාළුවගේ වෙඩිම දෙක වෙන්න නටලා සතුට පෙන්නපු සජිත ඇන්තනි [VIDEO]

Report

අප අතරින් සමුගත් ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් සජිත ඇන්තනී කාගේත් සිත් දිනාගත් ආදරණීය කලාකරුවෙක්.

ඔහුගේ රංගනය ගායනය නර්තනය පමණක් නෙවෙයි කොතරම් ජනප්‍රිය පුද්ගලයෙකු වුවත් ඔහු සතුව ඇති ඒ නිහතමානි බව හා සරල හැසිරීම නිසා මුළු මහත් ලංකාවම ඔහුට ආදරය කරනවා. 

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

මේ දිනවල සජිත ඇන්තනි කරපු වැඩක් සමාජ ජාලයම අවුලා අවසන්. සජිත ඇන්තනී කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔහුගේ මිත්‍රයකු වූ තරුණයකුගේ විවාහ මංගල්‍යට සහභාගී වෙලා තියෙනවා.

මිතුරකුගේ විවාහ මංගල්‍යට සහභාගී වීම සාමාන්‍ය දෙයක් වුණත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගොස් සිටින සජිත තවමත් ඔහුගේ යාළුකම අමතක නොකිරීමයි එහි තියෙන විශේෂත්ව

ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්

ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්

ජපානයේ සිටි ඔහු මිතුරාගේ ආරාධනය ලැබුණු විගස ගමේ ගෙදරක පැවැත්වුණු ඒ සරල මංගල උත්සවයේදී කිසිම ආඩම්බරකමක් නැතුව, හැමෝම එක්ක සුහදව හිනාවෙමින්, කතාබහ කරමින්, ඒ පවුලේම කෙනෙක් වගේ සතුට බෙදාගත් ආකාරය මේ වනවිට ලාංකිකයන්ගේ හදවත් වලට දැනී අවසන්.

තමන් රටම හඳුනන නළුවෙක් බව අමතක කරමින් විවාහ මංගල්‍යයේ නටමින් තම මිතුරා වෙනුවෙන් කල සංවේදී කතාවේ දර්ශන එක පෙලට පහතින්,