රූපවාහිනී නාලිකා රැසකට බෝම්බ තර්ජන - යුරෝපය පුරා විකාශන කටයුතුවලට බාධා

Report

‘කාලය ගෙවී යමින් පවතිනවා’ (The clock is ticking) යන අනතුරු ඇඟවීම සහිතව යුරෝපයේ රූපවාහිනී නාලිකා රැසකට බෝම්බ තර්ජන එල්ල වීමත් සමඟ එම ආයතනවල විකාශන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ ඊයේ (06) සිකුරාදා මෙම තර්ජන ලැබී ඇති අතර, ඒ හේතුවෙන් රූපවාහිනී ආයතන කිහිපයක සේවකයන් ඉවත් කිරීමටත්, විකාශන වැඩසටහන් තාවකාලිකව අත්හිටුවීමටත් පියවර ගෙන ඇති බවයි.

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

අයර්ලන්තයේ ජාතික විකාශන ආයතනය වන ආර්ටීඊ (RTÉ), බ්‍රිතාන්‍යයේ ස්කයි (Sky) සහ බල්ගේරියාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන නෝවා ටීවී (Nova TV) ඇතුළු නාලිකා කිහිපයකට මෙම තර්ජන ලැබී ඇත.

තර්ජන හේතුවෙන් අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) නුවර ඩොනිබෲක් (Donnybrook) ප්‍රදේශයේ පිහිටි ආර්ටීඊ ආයතනයේ සේවකයන් ද ඉවත් කර ඇති අතර, එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආර්ටීඊ නාලිකාවේ සාමාන්‍ය වැඩසටහන් වෙනුවට සංගීතය සහ කලින් පටිගත කරන ලද නිවේදනයක් විකාශය කිරීමට පියවර ගෙන ඇති අතර, ඇතැම් අවස්ථාවල එම තත්ත්වය පැය තුනකට ආසන්න කාලයක් පැවති බවයි.

නමුත් තර්ජන එල්ල වූ කිසිදු ස්ථානයකින් පුපුරණ ද්‍රව්‍ය හමු වී නොමැති බව අදාළ ආයතන සඳහන් කරන අතර මීට පෙර ගුවන් ගමන් සම්බන්ධ ව්‍යාජ අනතුරු ඇඟවීම් සහ සුපිරි වෙළෙඳසැල් වෙත සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම් ද වාර්තා වී ඇත.

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

රූපවාහිනී නාලිකා රැසකට බෝම්බ තර්ජන - යුරෝපය පුරා විකාශන කටයුතුවලට බාධා | Bomb Threats Disrupt European Tv Channels