කත්‍රිනා සහ විකී පළමු වරට පුංචි පුතු විහාන්ගේ මුහුණ ලොවට පෙන්වයි - උපන්දිනයට පසුදා ආ දීපවාලියත් විශේෂ වෙයි

By Malith Madushan Nov 08, 2026 10:11 AM GMT
Report

බොලිවුඩ් ජනප්‍රිය නළු යුවළක් වන කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් සිය පුතු විහාන්ගේ මුහුණ පළමු වරට ලොවට හෙළි කර තිබෙනවා. ඒ, පුතුගේ පළමු උපන්දිනයට පසුදින යෙදී තිබූ දීපවාලි උත්සවය වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කළ විශේෂ ඡායාරූපයක් සමඟින්.

2025 නොවැම්බර් 7 වැනිදා උපත ලැබූ විහාන්, පසුගිය නොවැම්බර් 7 වැනිදා සිය පළමු උපන්දිනය සැමරුවා. කත්‍රිනා සහ විකී දෙදෙනා එක්ව පළ කළ එම ඡායාරූපයට “අපගේ දීප්තිමත්ම දීපවාලිය මෙයයි. සැමට ආදරය, ආලෝකය සහ සතුට පිරි සුබ දීපවාලියක් වේවා!” යනුවෙන් සටහනක් ද එක් කර තිබුණා.

එහිදී පවුලේ තිදෙනාම එකිනෙකට ගැළපෙන ඇඳුම්වලින් සැරසී සිටීම විශේෂත්වයක්. කත්‍රිනා කහ පැහැති උත්සව ඇඳුමකින් සැරසී සිටි අතර, විකී ලා දුඹුරු පැහැති කුර්තාවකින් සැරසී සිටියා.

පුතු විහාන් ද එම වර්ණවලට ගැළපෙන කහ පැහැති කබායක් සහිත ලා දුඹුරු පැහැති ඇඳුමකින් සැරසී සිටිනු දැකගත හැකි වුණා.

මෙම ඡායාරූපයට ප්‍රතිචාර දක්වමින් බොලිවුඩ් නිළි අනන්‍යා පාණ්ඩේ ද ආදරය පළ කරමින් ඉමෝජි කිහිපයක් එක් කර තිබුණා.

45දීත් මේ තරම් හැඩට ඉන්නේ කොහොමද? - ශ්වේතා තිවාරි හෙළි කළ දිනපතා ව්‍යායාම රහස

45දීත් මේ තරම් හැඩට ඉන්නේ කොහොමද? - ශ්වේතා තිවාරි හෙළි කළ දිනපතා ව්‍යායාම රහස

 මේ අතර, පිය පදවිය පිළිබඳව අදහස් දක්වමින් විකී කෞෂාල් පවසා ඇත්තේ එය වචනවලින් විස්තර කිරීමට අපහසු තරම් ආශ්චර්යමත් අත්දැකීමක් බවයි.

තම බිරිඳ පුතු සමඟ සතුටින් කාලය ගත කරන ආකාරයත්, පුතු සිනාසෙන ආකාරයත් දැකීම ජීවිතයේ විශේෂ මොහොතක් බව ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පියෙකු වීමත් සමඟ පුද්ගලයෙකු ලෙස තමන් තුළ වැඩි වගකීමක් ඇති වන බවත්, තමන් අන් අයට කියා දෙන දේ තමන් ද ක්‍රියාවෙන් පෙන්විය යුතු බවත් විකී පවසා තිබෙනවා.

කත්‍රිනා සහ විකී සිය පුතුගේ උපත පිළිබඳව පළමුවරට නිවේදනය කළේ 2025 නොවැම්බර් 7 වැනිදායි. පසුව 2026 ජනවාරි මාසයේදී ඔවුන් පුතුට “විහාන් කෞෂාල්” යන නම තබා ඇති බව හෙළි කළා.

ජාත්‍යන්තර එමී වේදිකාව හොල්ලන්න යන ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය 'විජේ සේතුපති'! - Emmy සම්මානයක් පිරිනමන පළමු ඉන්දියානුවා වෙයි!"

ජාත්‍යන්තර එමී වේදිකාව හොල්ලන්න යන ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය 'විජේ සේතුපති'! - Emmy සම්මානයක් පිරිනමන පළමු ඉන්දියානුවා වෙයි!"