සංගීත ප්‍රසංගයෙන් පසු මුහුදේ ඔරු පදින්න ගිය මිතුරන් තිදෙනාට අනතුරක් - දෙදෙනෙක් බේරෙද්දී 17 හැවිරිදි මිතුරා අතුරුදන්

Report

හම්බන්තොට වෙරළ උද්‍යානයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසන් වීමෙන් පසු මුහුදේ ඔරු පැදීමට ගිය තරුණ මිතුරන් තිදෙනෙකු අනතුරකට මුහුණ දී තිබෙනවා.

එම අනතුරින් දෙදෙනෙකු ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර, අනෙක් තරුණයා අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මෛත්‍රීගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සනස් බහමන් නමැති තරුණයෙක්. අනෙක් තරුණයින් දෙදෙනා සුචීගම්මානය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන්නන් බව සඳහන්.

ඊයේ (07) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගය අවසන් වීමෙන් පසු අද (08) අලුයම 2ට පමණ මෙම තරුණයින් තිදෙනා හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ ඔරුවක් රැගෙන මුහුදු ගොස් තිබෙනවා.

එම ඔරුව අතුරුදන්ව සිටින තරුණයාගේ පියාට අයත් එකක් බවයි වාර්තා වන්නේ.

මේ අය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න - සති දෙකක් තිබ්බොත් තත්ත්වය භයානකයි - සෞඛ්‍යයෙන් රතු එළියක්

මේ අය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න - සති දෙකක් තිබ්බොත් තත්ත්වය භයානකයි - සෞඛ්‍යයෙන් රතු එළියක්

මුහුද රළු වීම හේතුවෙන් ඔරුව පෙරළී ඇති අතර, අනතුරට පත් තරුණයින් තිදෙනා ඔරුවේ කොල්ලෑවෙහි එල්ලී සිට තිබෙනවා.

පසුව අතුරුදන්ව සිටින තරුණයා අනෙක් මිතුරන් දෙදෙනාට උදව් ලබාගෙන පැමිණෙන බව පවසා ගොඩබිම දෙසට පිහිනා ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, එලෙස පිහිනා ගිය 17 හැවිරිදි තරුණයා මේ වන විට අතුරුදන්ව සිටිනවා. අනෙක් තරුණයින් දෙදෙනා අද අලුයම 4ට පමණ මුහුදේ සිටියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් දැක බේරාගෙන තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ ධීවරයින් එක්ව සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව වාර්තා වනවා.

වැස්සෙන් ගංගා පහක ජල මට්ටම් ඉහළට - නිල්වලා ගඟට සුළු ගංවතුර තත්ත්වයක්

වැස්සෙන් ගංගා පහක ජල මට්ටම් ඉහළට - නිල්වලා ගඟට සුළු ගංවතුර තත්ත්වයක්