ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට - වාන්දොරටු දෙකක් අරියි
By Mithu
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (08) එහි ස්වයංක්‍රීය වාන්දොරටු දෙකක් විවෘත වී තිබේ.
අද පස්වරු 1:16ට වාර්තා වූ දත්තවලට අනුව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමින් මීටර් 438.04ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව ජලාශයේ පළමු වාන්දොරටුව මීටර් 0.702කින් සහ දෙවන වාන්දොරටුව මීටර් 0.705කින් විවෘත වී ඇති අතර, ඒ ඔස්සේ තත්පරයට මීටර් කියුබ් 159ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහැරෙමින් පවතී.
වාන්දොරටු විවෘත කිරීමත් සමඟ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ගඟට බැසීමෙන් සහ භාවිතයෙන් වළකින ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.