අධික වර්ෂාවත් සමඟ මේ මාර්ග ගං වතුරෙන් යට වේ

Report

මධ්‍යම පළාතට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ යටිනුවර, දන්තුරේ - මුංවතුගොඩ ප්‍රධාන මාර්ගය නිරන්තරයෙන් ජලයෙන් යටවීමේ තත්ත්වයක් හටගෙන තිබේ.

අද (08) දිනයේ පැවැති අවමංගල්‍ය උත්සවයකින් පසු දේහය සුසාන භූමිය වෙත රැගෙන යාමට නොහැකිව, මාර්ගයේ පවතින ජල මට්ටම බැසයන තෙක් පැයක පමණ කාලයක් මඟ රැඳී සිටීමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න

එමෙන්ම රැකියාවන් නිමවී නැවත නිවෙස් බලා යන ජනතාවට ද මාර්ගයේ ජලය බැසයන තෙක් දීර්ඝ වේලාවක් බලා සිටීමට සිදුවන බව වාර්තා වේ.

පවතින මෙම අසීරු තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම මාර්ගය භාවිත කරන මගීන් ද දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්

මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්