ඉන්දියාව නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඉරානයේ තීරණය මොකක් වෙයිද? මුළු ඉන්දියාවම තීරණය වෙනුවෙන් ඇඟිලි ගනී

Report

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ඉරානය අවහිර කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන් කිරීමට අවස්ථාව ලබා ගැනීමට ඉරානය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සඳහන් කරයි.

ඒ අනුව පුවත්පතකට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඉරානය සමඟ සිදුකළ සාකච්ඡා දැනටමත් යම් යම් සුබවාදී ප්‍රතිඵල ලබා දී ඇති බවයි.

එසේ වුවත් සියලුම ඉන්දීය නෞකා සඳහා මෙතෙක් පොදු අවසරයක් හිමිව නොමැති බවත්, එක් එක් අවස්ථාවන්හිදී සිදුකරන සාකච්ඡා මත පදනම්ව නෞකාවලට අවසර හිමිවන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

එමෙන්ම සාකච්ඡාවල ප්‍රගතියක් වශයෙන් ඉන්දීය ධජය සහිත ගෑස් ප්‍රවාහන නෞකා දෙකක් ඉකුත් සෙනසුරාදා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට සමත්ව තිබුණා.

තවද ඉන්දීය නෞකා 22ක් අවසර ලැබෙන තෙක් රැඳී සිටින බව ද සඳහන්. ඉකුත් පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් අනතුරුව මැදපෙරදිග යුද්ධය ඇවිළී ගිය අතර, ඉරානය මඟින් මෙම වැදගත් නාවික මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා ඇත.

මෙම මාර්ගයෙන් ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40-50%ක් පමණ ප්‍රවාහනය වේ.

දැනටමත් ඉන්දියාව තුළ ඉවුම් පිහුම් ගෑස් හිඟයක් ඇතිවී තිබීම නිසා ජනතාව භීතියට පත්ව සිටින අතර ඇතැම් ආපනශාලා පවා වසා දමා ඇති බව වාර්තා වේ.  

ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න

ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ගුවන් ආරක්ෂණ පද්ධති ද අක්‍රිය කළා ඉරානේ සම්පූර්ණයෙන් විනාශයි - ට්‍රම්ප් යුද්ධයේ ජය සමරයි

ගුවන් ආරක්ෂණ පද්ධති ද අක්‍රිය කළා ඉරානේ සම්පූර්ණයෙන් විනාශයි - ට්‍රම්ප් යුද්ධයේ ජය සමරයි