ඉන්දියාවෙන් ලංකාවට තවත් බේලි පාලම් 10ක්
දිට්වා සුළිසුළඟෙන් හානියට පත් වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, ඉන්දියාව අද (31) තවත් බේලි පාලම් 10ක් නැව්ගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජෙයිශ්වාල් X විසින් මේ බව සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
මෙම පාලම් තොගය, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත ඩොලර් බිලියන 450ක ආර්ථික පැකේජයේ කොටසක් බවද සඳහන් වේ.
එමෙන්ම දිට්වා ආපදා සමයේ මෙරටට ඉන්දියාවෙන් විශාල ආධාර තොගයක් ලැබී ඇත.