ජනතාව අනතුරේ - දැනටමත් ඉන්දියානුවන්ට ඩොලර් බිලියන 25ක් අහිමි වෙලා - ලාංකිකයනුත් ප්‍රවේශම් වෙන්න

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2025 වසර තුළදී පමණක් ඉන්දියානුවන්ට ඩිජිටල් මූල්‍ය වංචා හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 25ක දැවැන්ත මුදලක් අහිමි වී ඇති බවයි.

පුද්ගලයින් මිලියන 2.5ක් පමණ මෙලෙස වංචාවන්ට ගොදුරු වී ඇති අතර මෙය 2021 වසරට සාපේක්ෂව 4,300% ක ඉහළ යාමක් වේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව (The Reserve Bank of India -RBI) විසින් නව නීති රීති මාලාවක් හඳුන්වා දීමට සූදානම් වන බව සඳහන් වේ.

නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී

නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී

බොහෝ විට වංචාකරුවන් රජයේ නිල වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ ලින්ක් (Phishing links) කෙටි පණිවිඩ හරහා යොමු කරයි. උදාහරණයක් ලෙස, රථවාහන දඩ මුදල් ගෙවන ලෙස පවසමින් එවන පණිවිඩවල ඇති ලින්ක් හරහා ගොස් ගෙවීම් කිරීමට යාමේදී, පාරිභෝගිකයාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සොරාගැනීම සිදු වේ.

මනෝවිද්‍යාත්මකව පුද්ගලයා බියට පත් කර හෝ හදිසියක් ඇති කර (Social Engineering) මෙම වංචා සිදු කෙරේ. කෙසේ වෙතත්, නීති මගින් පමණක් මෙය පාලනය කළ නොහැකි බවත්, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ගනුදෙනු සමඟ පාරිභෝගික දැනුවත්භාවය ද ඉහළ නැංවිය යුතු බවත් විද්වතුන් අවධාරණය කරති.

හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

ඇමරිකාවේ යුද්ධයට ඩොලර් බිලියන 25ක් - පෙන්ටගනය කට අරී

ඇමරිකාවේ යුද්ධයට ඩොලර් බිලියන 25ක් - පෙන්ටගනය කට අරී