ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

Report

ඉන්දියාවේ ප්‍රථම “නමෝ භාරත්” අධිවේගී නාගරික මගී ප්‍රවාහන දුම්රිය කොරිඩෝව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ (22) විවෘත කරන ලදී.

නවදිල්ලි නුවර සිට උත්තර ප්‍රාන්තයේ මීරුට් නගරය දක්වා යන මාර්ගය ආවරණය කරන මෙම දුම්රිය, එරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට දැවැන්ත පෙරළියක් ලෙස සැලකේ. පැයට කිලෝමීටර 120ක වේගයකින් ධාවනය කිරීමට නියමිත මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 82.5කි.

සිසුන්ගේ විරෝධය මත නමල්ගේ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් අවලංගු කරයි

සිසුන්ගේ විරෝධය මත නමල්ගේ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් අවලංගු කරයි

එබැවින්, නවදිල්ලි සහ මීරුට් අතර ගමන් කාලය මිනිත්තු 55ක් පමණ වේ.

ඒ සමඟම කෙටි දුර මීරුට් මෙට්‍රෝ දුම්රිය සේවයද ආරම්භ කර ඇත. ඉන්දීය රුපියල් කෝටි 30,270කට අධික වියදමකින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය හරහා, තෝරාගත් දුම්රිය ස්ථාන කිහිපයක ජනතාවට පහසුකම් ලබාදීමේ හැකියාව ඇත.

දෙවියනේ යකඩ පොල්ලකින් පහර දී පෙදරේරුවා මරලා

දෙවියනේ යකඩ පොල්ලකින් පහර දී පෙදරේරුවා මරලා