ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ
රුපියල් මිලියන 52ක් පමණ වටිනා ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
අදාළ ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද (07) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඖෂධ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
මෑතකදී ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ඇති වූ ගැටලු හමුවේ මතුවූ හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව, කිලෝග්‍රෑම් 2,600කට ආසන්න මෙම ඖෂධ තොගය ඉන්දීය රජය විසින් ඉතා කෙටි කාලයක් තුළ ලබාදීමට කටයුතු කර ඇත.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය හරහා ලබාදුන් මෙම වෛද්‍ය ආධාර තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.
සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙරටින් ක්ෂය රෝගය තවමත් මුළුමනින්ම තුරන් වී නොමැති බවයි.
මේ වන විට හඳුනාගෙන ඇති ක්ෂය රෝගීන් සංඛ්‍යාව 6,300ක් වන අතර, සැබෑ රෝගීන් සංඛ්‍යාව 9,000ක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. එලෙස හඳුනාගන්නා රෝගීන් සඳහා රෝහල් පද්ධතිය හරහා අඛණ්ඩව ඖෂධ සැපයීමට කටයුතු කරන බව පවසමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී මෙන්ම හදිසි අර්බුදවලදී ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කරමින් අමාත්‍යවරයා ඉන්දීය රජයට සිය කෘතඥතාව පළ කළේය.