දරුවන් 17ක් මරු තුරුළට යැවූ මේ මාරාන්තික කැස්ස සිරප් 3 තහනම්
ඉන්දියාව ඉකුත් මාසය තුළ අවම ලෙස දරුවන් 17 දෙනෙකුගේ මරණයට හේතු වූ කැස්ස සිරප් වර්ග තුනක් විෂ සහිත බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ලොව තුන්වන විශාලතම ඖෂධ නිෂ්පාදන රට ලෙස හඳුන්වන්නේ ඉන්දියාවයි.
එහෙත් එරට නියාමකවරුන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ Coldrif, Respifresh TR, සහReLife යන කැස්ස වෙනුවෙන් භාවිත කරන සිරප් වර්ග භාවිතයෙන් වළකින ලෙසයි.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදී මෙතෙක් වාර්තා වූ සියලු මරණවලට සම්බන්ධ වී ඇත්තේ මෙම Coldrif නම් සිරප් වර්ගයයි.
එසේම මධ්‍ය ප්‍රදේශ් මධ්‍යම ප්‍රාන්තයෙන් පැමිණි මෙම දරුවන් ප්‍රධාන වශයෙන් වෙනත් ප්‍රාන්තයක රජයේ රෝහලකදී වකුගඩු අකර්මණ්‍ය වීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබුණා.
Coldrif නම් ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ දකුණු ප්‍රාන්තයේ තමිල්නාඩුව පදනම් කරගත් Sresan Pharmaceutical Manufacturer මඟින් බව වාර්තා වේ.
එමෙන්ම මෙම සිරප් විෂ සහිත ඩයිඑතිලීන් ග්ලයිකෝල් (DEG) වලින් 48.6% කින් සමන්විත බව ද පවසයි.
ඒ ඉන්දියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් උපරිම සීමාව 0.1% ක් පමණක් අවසර දී ඇති පසුබිමකයි.
කෙසේ වෙතත් Coldrif සිරප් තහනම් කර ඇති අතර නිෂ්පාදන හිමිකරුවද අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.
එමෙන්ම මෙම සිරප් 2025 මැයි මාසයේදී නිෂ්පාදනය කර තිබෙන අතර 2027 අප්‍රේල් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව ඇත.
මේ අතර Respifresh TR සහ ReLife යන සිරප් වර්ග කිසිදු මරණයකට සම්බන්ධ වී නොමැත. තවද බටහිර ගුජරාට් ප්‍රාන්තයේ Rednex Pharmaceuticals මඟින් නිෂ්පාදිත Respifresh TR, DEG 1.342% කින් සමන්විත බවද වාර්තා වේ.
ඒ අනුව අඳාළ සිරප් 2025 ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර 2026 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව ඇත.
ReLife ද ගුජරාටයේShape Pharma මඟින් නිෂ්පාදනය කර ඇති අතර DEG 0.616% කින් සමන්විත වේ.
එයද 2025 ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2026 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතයි.
Respifresh TR සහ ReLife යන සිරප් ආපසු කැඳවා තිබෙන අතර, එම සමාගම් දෙකටම ඔවුන්ගේ සියලුම වෛද්‍ය නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට නියෝග කර ඇත.
කෙසේ වුවද මෙම සිරප් වර්ග කිසිවක් මේ වන විට අපනයනය කර නොමැති බව පවසයි.
එසේම නියාමනය නොකළ මාර්ග ඔස්සේ ඇති විය හැකි අවදානම් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනතුරු අඟවා ඇත.