හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
මීට පෙර පානදුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් නිවසක සැකකරු රැඳී සිටින බවට නිලධාරීන්ට තොරතුරු ලැබී තිබූ අතර, එහි ගිය අවස්ථාවේදී ඔහු එම ස්ථානයේ නොසිටියේය.
කෙසේ වෙතත්, අද (16) දින සරත් වීරවංශ මහතා ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටින බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, එම ස්ථානයට ගොස් සැකකරුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.