එජාප-සජබ හවුල් ආණ්ඩුවක් ද? විපක්ෂයක් ද? නවීන් දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සදහන් කරයි .

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (15) නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඇති එකමුතුකම සම්න්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡා සිදුව ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඊළඟ තැබිය හැකි බවත්, සියලු දෙනාගේ ඒකායන ප්‍රාර්ථනාව පක්ෂ දෙකෙහි එක්වීමත් බවත් නවීන් දිසානායක මහතා සදහන් කරයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධවී මෙරට ප්‍රධාන පෙළේ විපක්ෂයට බවට පත්වීම අත්‍යවශ්‍ය කරුණකි.

ලංකා කම්කරු කොංග්‍රසය සාමාන්‍යයෙන් එජාපය සහ සජබය සමඟ සන්ධානගතවී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර තිබේ.