ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න
By Malith Madushan
2026 ජූලි මස 15 වැනිදා සවස 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50 පමණ වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව අනාවැකියේ දැක්වේ. කාලගුණ තත්ත්වයන් පිළිබඳ නිකුත් කරන නිල නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී ඇත.