මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අධිචෝදනා

Report

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූඨලේඛන සකස් කර එය විකිණීමට තැත් කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාර දෙන ලදී.

ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු කෙරුණු අතර, එහිදී විත්තිකරුවන් හය දෙනාගේම විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට නියම විය.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මෙල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ යන අයවලුන්ය.

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින දෙයි

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින දෙයි

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, නඩුවේ පළමු කැඳවීම ලබන සැප්තැම්බර් මස 01 වැනිදාට කල් තැබිණි.

මෙම නඩු වාරය සඳහා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය පෙනී සිටියාය.