ගාල්ල බන්ධනාගාරයට සැක කටයුතු පාර්සලයක් - සියල්ල සිදුවීමට ප්‍රථම පොලිස් විශේෂ කාර්යාංශය වහා ක්‍රියාත්මක වෙයි

Report

පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, ගාල්ල බන්ධනාගාරයේ පිටුපස දුම්රිය අංගනය අසලින් බන්ධනාගාරය තුළට සැකකටයුතු පාර්සලයක් විසි කර පලායාමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු සොයා ගාල්ල මූලස්ථාන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ පුද්ගලයන් දෙදෙනා විසින් බන්ධනාගාර පවුරෙන් ඇතුළතට විසි කරන ලද එම සැකකටයුතු පාර්සලය වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන පරීක්ෂාවට ලක් කර ඇත.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

එම පාර්සලය පරික්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,180ක්, දුම්කොළ සහ ලයිටර් 49ක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

බන්ධනාගාරයේ සිටින රැඳවියන් ඉලක්ක කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලය බන්ධනාගාරය තුළට දැමීමට සැලසුම් කර ඇති බවට පොලීසිය සැක කරයි.

පේෂකර්ම ක්ෂේත්‍රයේ නියතු ඔබට සුබ ආරංචියක් - ඉන්දියාව එක්ක ශ්‍රී ලංකා රජය කරන්න යන දේ මෙන්න

පේෂකර්ම ක්ෂේත්‍රයේ නියතු ඔබට සුබ ආරංචියක් - ඉන්දියාව එක්ක ශ්‍රී ලංකා රජය කරන්න යන දේ මෙන්න

මේ වන විට පලාගිය සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.