තව පැය කිහිපයකින් ඇය සදහටම සමු ගයි - අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකට ජනපතිගෙනුත් අවසන් ගෞරව
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) දින උදෑසන අවසන් ගෞරව දැක්වා ඇත.
ඇයගේ දේහය අද (13) දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා බොරැල්ල Barney Raymond මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු අද (13) පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදි පැවැත්වීමට නියමිත බව සඳහන්.
දශක ගණානාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සටහන් තැබූ මරියසෙල් ගුණතිලක මහත්මිය ඉකුත් 10 වන දින උදෑසන අසනීප තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඇය මිය යන විට 68 වන වියේ පසු විය. කැන්ඩි ලමිස්සී, රහසයි සොඳුරු ජීවිතේ, සිහින නෙළුම්මල්, නෙලුම්මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ,පහන් නොවන රැයක, ඇතුළු ගීත රැසක්ම රසික ලෝකයට දායාද කළ ඇය බටහිර ආරේ වේග රිද්ම ගායන කලාවක් අනුගමනය කරමින් මෙරට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ගායිකාවක් විය.